සමෘද්ධි අංශය මඟින් සුදුසුකම් ලත් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සමාජ ආරක්ෂණය, ආර්ථික සවිබලගැන්වීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විවිධ සේවාවන් හා සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මරණය, විවාහය, දරු උපත සහ රෝහල්ගතවීම වැනි අවස්ථාවලදී නියමිත ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ මුදල් නිදහස් කිරීම සිදු කරනු ලබන අතර, අසනීප තත්ත්වයන්, උසස් අධ්‍යාපන අවශ්‍යතා, වයෝවෘද්ධ අවශ්‍යතා සහ ස්වයංරැකියා කටයුතු සඳහා අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් නිදහස් කිරීමද සිදු කරනු ලබයි. තවද, සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය හා ආර්ථික ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ලබාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු ව්‍යාපෘති සඳහා අවශ්‍ය උපකරණ හා සහාය ලබාදීම මෙන්ම ස්වයංරැකියා කටයුතු ආරම්භ කිරීමට හෝ සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමද සමෘද්ධි අංශය මඟින් සිදු කරනු ලබයි.













