සමෘද්ධි අංශය මගින් සිදුවන සේවාවන් සැකෙවින්
සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන්ගේ මුදල් නිදහස් කිරීම
- මරණයක් නම් මරණ සහතිකය ඇතුළු ලිපි ලේඛණ දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
- විවාහයක් නම් විවාහ සහතිකය සහ අදාල ලිපි ලේඛන දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
- දරු උපතක් නම් උප්පැන්න සහතිකය ඇතුළු අදාල ලිපි ලේඛන දින 30 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි
- රෝහල්ගත වීමක් නම් රෝග නිශ්චිත තුන්ඩුව හා අදාල ලිපි ලේඛන දින 7 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි.
අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් නිදහස් කිරිම
- මුදල් ඉල්ලීම් කිරීමට හේතුව අසනීපයක් නම් වෛද්‍ය වාර්තා ද,
- උසස් අධ්‍යාපන අවශ්‍යතා නම් ඒ බව සනාථ කරන ලිපි සහතික ද,
- වයෝවෘද්ධ භාවය නම් වයස අවුරුදු 70 ඉක්මවූ බව සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක් ද,
- ඉල්ලීම් කිරීමේ ලිපිය සමඟ ඉදිරිපත් කළ යුතුය.
- සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ස්වයංරැකියා අවශ්‍යතා සඳහාද අනිවාර්ය ඉතිරිකිරීමේ මුදල් නිකුති කළ හැක
ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ සවිබල ගැන්විය හැකි සමෘද්ධි සහනාධාරලාභීන්ගේ ව්‍යාපෘති සඳහා, යෝජනා ලබා ගැනීමෙන් හා පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව උපකරණ ලබා දීම
සමාජ සුබසාධන හා සහන සේවා
- ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආශ්‍රිත ඒකාබද්ධ ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන්
- දේශීය වෛද්‍ය ව්‍යාපෘති හඳුනාගෙන වාර්තා කිරීම
- ඖෂධීය ව්‍යාපෘති
- ප්‍රතිලාභීන් හඳුනාගෙන උපදේශන සේවා ලබාදීම
- පොලිස් ස්ථාන හරහා උපදේශන සේවා අවශ්‍ය පුද්ගලයන් හඳුනා ගැනීම
- කෘෂිකාර්මික ව්‍යාපෘති
- බන්ධනාගාර පුනරුත්ථාපන ප්‍රතිලාභීන් සඳහා දත්ත පද්ධතිය
- විවිධ වැරදි හේතුවෙන් නීතිමය දඬුවම්වලට ලක්වීමේ අවදානමක් ඇති පවුල් ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ගේ පවුල් නැවත සමාජගත කිරීම සඳහා දැනුවත් කිරීම සහ අදාළ අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියා වෙත තොරතුරු යොමු කිරීම
- අඩු ආදායම්ලාභී හා ආපදාවලට ලක් වූ ප්‍රජාවන් සඳහා මූල්‍ය ආධාර ලබාදීම
- අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් ලබාදීම
- අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා පිසූ ආහාර ලබාදීම
- අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා නිවාස ආධාර ලබාදීම
- අඩු ආදායම්ලාභී හා ආපදාවලට ලක් වූ පවුල් සඳහා අවමංගල්‍ය ආධාර ලබාදීම
ළමා ආරක්ෂණ හා ප්‍රජා සංවර්ධනය
- ළමා අපයෝජන අවම කිරීම සඳහා ප්‍රජා මට්ටමේ සිවිල් සංවිධාන දැනුවත් කිරීම හා සවිබල ගැන්වීම
- ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම, මැදිහත්වීම සහ පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම
- පාසල් ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම
- ප්‍රාදේශීය මට්ටමේ ළමා සම්බන්ධ තොරතුරු හා දත්ත රැස්කර දිස්ත්‍රික් දත්ත පද්ධතිය වෙත ඉදිරිපත් කිරීම
විදේශ රැකියා සුබසාධන සේවා
- විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු සඳහා පවුල් පසුබිම් වාර්තා ලබාදීම
- “රටවිරුවෝ” නිවාස ණය ලබාදීම
- “රටවිරුවෝ” ස්වයං රැකියා ණය ලබාදීම
- සංක්‍රමණික ශ්‍රමික පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම
වෙනත් සුබසාධන සේවා
- වෛද්‍ය ආධාර ගෙවීම් සිදු කිරීම
- ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම
ප්‍රසම්පාදන අවශ්‍යතා ඇති විටෙක මෙහි සඳහන් කරනු ලැබේ
ඉඩම් පරිපාලනය
- නිෂ්පාදන බදු එකතු කිරීම
- නිසි පරිදි බදු එකතු කිරීම මගින් රජයේ ආදායම් එකතු කිරීම
- මිලදී ගැනීමේ ගාස්තු එකතු කිරීම
- රජයේ ආදායම් කළමනාකරණය
- දීර්ඝකාලීන බදු කුලී ගෙවීම් එකතු කිරීම
රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම
- කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වැඩි ආදායම් උපයාගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයන්ට හෝ ආයතනවලට රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම.
ඉඩම් පරිහරණ සැලසුම්කරණය හා සංවර්ධනය
- ග්‍රාමීය මට්ටමින් ආදර්ශ ඉඩම් පරිහරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ඉඩම් සම්පත්වලින් උපරිම ඵලදායිතාව ලබාගැනීම සඳහා අඩු පරිහරණයට ලක්ව ඇති ඉඩම් නැවත වගා කිරීමේ ක්‍රම ප්‍රවර්ධනය කිරීම.
- සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ඉඩම් ස්ථාවරත්වය ආරක්ෂා කිරීම.
- ප්‍රතිලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම.
- ක්‍රමානුකූල කෘෂිකාර්මික ව්‍යාප්තිය තුළින් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය වැඩි කිරීම.
දැනුවත් කිරීමේ හා අධ්‍යාපනික වැඩසටහන්
- ඉඩම් පරිහරණ සැලසුම්කරණය පිළිබඳව පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- ඉඩම් පරිහරණ සැලසුම්කරණය හා ඉඩම් කළමනාකරණය පිළිබඳව පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීම.
- ජනගහන වර්ධනය සහ පුළුල් වන ආර්ථික හා සංවර්ධන අවශ්‍යතා හේතුවෙන් ඉඩම් භාවිතය වැඩිවීම නිසා ඇතිවන පාරිසරික අවදානම් පිළිබඳව දැනුවත් කිරීම, අනාගත පරපුර සඳහා තිරසාර ඉඩම් පරිහරණයේ වැදගත්කම අවධාරණය කිරීම සහ පාරිසරික බලපෑම් හැකිතාක් අවම කිරීම.
විශේෂ ව්‍යාපෘති හා අනුමත කිරීම්
- විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- අනුප්‍රාප්තික අයිතිවාසිකම් නම් කිරීම ලේඛනගත කිරීම සඳහා නිර්දේශ හා අනුමැතිය ලබාදීම.
- මුල් අයිතියේ සංශෝධන ලේඛනගත කිරීම සඳහා නිර්දේශ හා අනුමැතිය ලබාදීම.
- බලපත්‍ර ලේඛන ඇපයට තබා ණය ලබාගැනීම සඳහා අවසර ලබාදීම.













